Y Fm Book Challenge

Y Fm Book Challenge එකට ඔයා ගෙනත් දුන්න පොත් අපි බාරදෙන්න තෝරගත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ,දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ වහරක මහා විද්‍යාලයයි. සිසුන් හත්සිය පනහක් පමණ ඉගෙනුම ලබන මෙම පාසලට 2019 ජූනි 06 දින අපි ගිය අතර විදුහල්පතිතුමා ඇතුළු සියළු දෙනා අපිව සතුටින් පිළිගත්තා. කාලයක් තිස්සේ අඩුවක්ව තිබූ මේ පොත් පත් කියවා දැනුම ලබාගෙන ඔවුන් කවදාහරි ජිවිතය දිනන බව අපිට විශ්වාසයි. පොත් එක්ක අපි අරන් ගිය ආදරය ඔවුන් සමග Y Fm අපි බෙදා ගත්තේ පුදුම සතුටකින්. ඒ සතුට අපිටත් වඩා දැනෙන්නේ ඔයාටයි. අපිට පොත් ගෙනත් දුන්නු කලාකරුවන් ඇතුළු Y Fm අහන ඔයාටත් , වහරක මහ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් Y Fm අපේ හදපිරි ප්‍රණාමය….. හැමෝටම බොහොම ස්තුතියි.